Sunday, July 12, 2015

අනවශ්‍ය රෝම ඉවත් කරගන්නා විධි.


සිරුරේ අනවශ්‍ය රෝම ඇති වීම යොවුන් වියේ දැරියන්ට බහුලව බලපාන ප්‍රශ්ණයකි.මෙය රෝගී තත්වයක් නොවේ.එහෙත් යුවතියන් යෞවනත්වයට පැමිනීමත් සමගම සිරුරේ ඇතිවන හෝර්මෝන වෙනස්කම නිසා අනවශ්‍ය රෝම වැඩීමට පටන් ගැනේ.

මෙය යුවතියන්ගේ රූමත් බව වැඩි දියුණුවට බාධාවකි. එමෙන්ම මෙය මානසික වදයක්ද වේ. විශේෂයෙන්ම පාසල් යන යුවතියන්ට මෙන්ම රැකියා වල නිරත වන යුවතියන්ටද ඔවුන්ගේ මිතුරු මිතුරියන් අතරේ උසුලු විසුලු වලට ලක්වීමට පවා මෙය හේතුවක් වේ.

මුහුණ, අත් පා වල හා බෙල්ල ආදී තැන්වල මෙම අනවශ්‍ය රෝම බහුලව දක්නට හැකිය. මෙලෙස අනවශ්‍ය කරදරයක් වූ රෝම ඉවත් කර ගන්නා විධි කිහිප ආකාරයක් වේ.

1. ෂේවින් (Shaving)
2. රෝම නාශක ආලේපන
3. ඉටි භාවිතය (Hot waxing and cold waxing)
4. උගුල්ලා දැමීම (Plucking)
5. ත්‍රෙඩින් (Threading)
6. ලේසර් කිරණ භාවිතය (Laser hair remove)
7. විද්‍යුත් විච්ඡේදනය (Electrolysis)
8. ඖෂදීය ප්‍රතිකාර







1.   ෂේවින්  (Shaving)

 මෙය එතරම් සුදුසු ක්‍රමයක් නොවේ.මෙමගින් බොහෝ විට සම රළු විය හැක. කැපීම් ඇතිවීම, කලු පැහැ ලප ඇතිවීම මෙන්ම විසබීජ පැතිර යාමේ ප්‍රවනතාව වැඩි විය හැකිය.

2.   රෝම නාශක ආලේපන භාවිතය.

අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා හෙයා රිමූවර් ක්‍රීම් වර්ග (hair remover cream) වෙළද පොළේ ඇත. මේවා ගැල්වීම වඩාත් සුදුසු වන්නේ අත් පා වල ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහාය .මේවා මුහුනේ ගැල්වීමට සුදුසු නොවේ. මෙම ආලේපන භාවිත කරනවා නම් ආසාත්මිකතා පරීක්ෂණයක් කර ඉන් අනතුරුව භාවිත කල යුතු වේ.
එනම් පාවිච්චියට පෙර වැලමිට පිටුපස වැනි තැනක ආලේප කර  පැය කීපයක් තිබෙන්නට හැර ආසාත්මිකතාවක් නොමැති නම් එහි සටහන් වී ඇති උපදෙස් ඒ අයුරින්ම පිලිපැද භාවිත කරන්න.

3.   ඉටි භාවිතය(Hot wax and cold wax)

·       කෝල්ඩ් වැක්ස් ක්‍රමය (Cold wax)

  වෙළද පොලෙන් මෙම වැක්ස් මිලට ගත හැකිය.එය කිසිදු වෙනසක් නොකර කෙලින්ම රෝම ඇති තැන්වල ගැල්විය හැක.

ප්‍රථමයෙන් වැක්ස් කිරීමට අවශ්‍ය ප්‍රදේශ හොදින් සෝදා පිරිසිදු කර, අවශ්‍ය ප්‍රදේශයට පවුඩර් ගෙන  රෝම ඇති තැන්වල හොඳින් ආලේප කරන්න. ඉන් පසු පැතලි තලයක් ඇති පිහියක් ගෙන එම රෝම ඇති තැන, රෝම වැවී ඇති දෙසට ආලේප කරන්න. ඉන් පසු වෙළද පොලෙන් මිලදීගත් වැක්ස් ස්ට්‍රිප් (wax strip) , කපු හෝ වෙනත් පවිත්‍ර රෙදි කැබැල්ලක් ගෙන  රෝම වැඩී ඇති දෙසට තදින් අලවා ගන්න.අනතුරුව strip එක රෝම වැඩී ඇති දිශාවට නොව ඊට විරුද්ධ දිසාවට අදින්න. මෙම ක්‍රමය මගින් රෝම පහසුවෙන් ගැලවී යයි. මෙය අත් පා, බෙල්ල ආදී ඕනෑම තැනකට සුදුසු වේ.

·       හොට් වැක්ස් (Hot wax)

කෝල්ඩ් වැක්ස් මෙන්ම හොට් වැක්ස් ද වෙළද පොලෙන් මිලදී ගත හැක.
හොට් වැක්ස් භාවිතයේදී එය මදක් රත් කර ගත යුතුය. කෝල්ඩ් වැක්ස් ක්‍රමයට වඩා හොට් වැක්ස් ක්‍රමයේ ඇති එකම වෙනස රත් කර ගැනීම පමනි. එමෙන්ම මෙය ගැල්වීමේදී ඉතා කල්පනාකාරී විය යුතුය. නිතරම සමට දැරිය හැකි තරම් රස්නයකින් එය ගැල්විය යුතුය. වැක්ස් කිරීමෙන් අනතුරුව අයිස් වතුරෙන් පෙගූ පුළුන් කැබැල්ලකින් එම ස්ථාන තෙත මාත්තු කර පසුව මොයිස්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් ආලේප කරන්න.

නිවසේදී සාදා ගත හැකි හොට්  වැක්ස් ක්‍රමයක්...
අවශ්‍ය දේ...

·       සීනී මේස හැදි 5ක්.
·       දෙහි ගෙඩි 2ක ඉස්ම.
·       වතුර කෝප්ප කාලක් පමන.
·       ග්ලිසරින් ස්වල්පයක්.

පළමුව වතුරට සීනී දමා මද ගින්නේ උණු කර ගන්න. සීනී නූල් සේ ඇදෙන විට ඊට දෙහි  යුෂ එක් කර ගන්න. ඉන් පසු මෙය වෙනත් බඳුනකට දමා එයට ග්ලිසරින් ස්වල්පයක්  මිශ්‍ර කර  මද රස්නය තිබියදීම රෝම ඇති තැන්වල ආලේප කර පෙර කී පරිදිම strip  ආධාරයෙන්  ඇඳ රෝම ඉවත් කර ගන්න.

          මුහුණට වැක්ස් කිරීම සුදුසු නොවේ. මෙය නිතර කිරීම තුලින් මුහුනේ සම එල්ලා වැටී ඉක්මනින් වියපත් බවක් පෙන්නුම් කිරීමට වුවද  පුලුවන්.